නුවන්ගේ පවුලටම කොරෝනා

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන, ඔහුගේ බිරිඳ සහ පුත් ගයාන් ගුණවර්ධන ඇතුළු පවුලේ සියලු දෙනාටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් සියලුදෙනාට සිදුකල පීසීආර් පරීක්ෂණ වලදී ඒ බව ඊයේ (08) තහවුරු වී ඇත.

නුවන් ගුණවර්ධන මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධනගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමිමාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.

තවද ඔබ සියලු දෙනා මේ භයානක කාල සීමාව තුල පරෙස්සමින් සිටින මෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතර අපටද ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි

– ගයාන් ගුණවර්ධන –

WP Twitter Auto Publish Powered By : XYZScripts.com