කොවිඩ් සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම සති අන්තයේ විනෝද චාරිකා නොගොස් නිවසට වී සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබිය දීත් අද(24) දිනයේ නුවරඑළියට විශාල දේශීය සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.
නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන වසන්ත උදානයට සමගාමිව අද දිනයේත් තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ තිබේ.
නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැඳී සිටින අතර නුවරඑළිය නගර සභා සීමාවේ පිහිටි නිවාඩු නිකේතන ද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන් ගෙන සිටින බව වාර්තා වේ.
- Aruna news
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක