හිනිදුම, තවලම සතිපොළ වෙළෙඳුන් 23 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.
පසුගිය 12 වනදා වෙළඳුන් 83 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කර ඇති අතර ඒ අතරින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඔවුන් අද (14) දිනයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
සති පොළ කිහිපයකින් කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් මෙලෙස වෙළඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
මේ අතර නෙළුව ප්‍රදේශයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් නෙළුව සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පිරිසක් අද දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ