නේටෝ රටවල් සමග යුද්ධයකට යාමට රුසියාවට කිසිදු අදහසක් නොමැති නමුත් නේටෝව හිතාමතා ගැටලු නිර්මාණය කර ඇති බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි. හෙතෙම ඒ බව කියාසිටියේ ඊයේ(17) රුසියානු රූපවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
නේටෝව සමග යුද්ධයකට යාමට රුසියාවට කිසිදු හේතුවක් නොමැති බවත්, භූ දේශපාලනික අවශ්‍යතා, ආර්ථික හෝ මිලිටරි අවශ්‍යතා පිළිබඳ සලකා බැලූ විට යුද්ධයකට යාම රුසියාවට වාසිදායක නොවන බවත්, Putin මහතා ප්‍රකාශ කළේය. නේටෝව සමග පවතින සබඳතා පළුදු කර ගැනීමට රුසියාව අපේක්ෂා නොකරන අතර නේටෝ රටවල් සමග සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම ප්‍රකාශ කර ඇත. නමුත් නේටෝව රුසියාව තරඟකරුවෙකු බවට පත් කර ගත් බැවින් නේටෝව හිතාමතා ගැටළු නිර්මාණය කරමින් සිටින බව Putin මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය