ඕස්ට්‍රේලියානු රජය තමාගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට විරුද්ධව සර්බියානු ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීම අද සිදු කර තිබෙනවා.
මෙහිදී ජොකොවික් කොවිඩ් ආසාදිතව සිට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම පිළිබඳ විනිශ්චකාරවරයා සිය කනස්සල්ල පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විනිසුරු ඇන්තනි කෙලී පැවසුවේ ටෙනිස් ක්‍රීඩකයා මෙරටට පැමිණීමට පෙර සංචාරක සීමාවන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගෙන් නිදහස ලබාගෙන ඇති බවයි.
34 හැවිරිදි ජොකොවික් පසුගිය සතියේ මෙල්බර්න් වෙත පැමිණියේ තමාගේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන්.
මෑතකදී කොවිඩ් ආසාදනය වීමෙන් පසුව වෙනම වෛද්‍ය මණ්ඩල දෙකක් විසින් ක්‍රීඩකයාට සෞඛ්‍ය මාර්ගෝපදේශ වලින් නිදහස් වීමට අවසර ලබා දී ඇති බවත් අවශ්‍ය සියලුම වෛද්‍ය සාක්ෂි තමන් නිලධාරීන්ට ඉදිරිපත් කළ බවත් ජොකොවික්ගේ නිතීඥයින් අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි