නෝර්ඩ් ස්ට්‍රීම් ස්වභාවික ගෑස් නල මාර්ගය පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය දේශපාලනීකරණය කිරීමෙන් වළකින ලෙස චීනය ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඊයේ(4) ආරක්ෂක මණ්ඩලයේ නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල මාර්ගය පිළිබඳ ගැටළුව සමාලෝචනය අතරතුර මේ බව පැවසීය. නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල මාර්ගය පිපිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වය වන රුසියාව සමග, අදාළ රටවල් සක්‍රියව සන්නිවේදනය හා සහයෝගීතාවයෙන් කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව, ඔහු සඳහන් කළේ ය.
පසුගිය වසර දෙකක කාලය තුළ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානය මෙම සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය කෙරෙහි යොමුව ඇත. ආරක්ෂක මණ්ඩලය මෙම ප්රශ්නය බොහෝ වරක් සමාලෝචනය කර ඇත. චීනය ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ බොහෝ සාමාජිකයෝ කඩිනමින් සත්‍ය සෙවීම සඳහා පොදු, අපක්ෂපාතී සහ වෘත්තීය පරීක්ෂණ සිදු කරන ලෙස යළි යළිත් ඉල්ලා සිටිති.
නෝර්ඩ් ස්ට්‍රීම් ස්වභාවික ගෑස් නල මාර්ගයේ පිපිරීමෙන් වසර දෙකක් ගතවී තිබුන ද බොහෝ යුරෝපීය රටවල් පරීක්ෂණ දියත් කර ඇති නමුත් ඉන් ප්‍රතිඵලයක් ලැබී නොමැත. බටහිර මාධ්‍ය සහ ස්වාධීන විමර්ශකයින් විටින් විට අදාළ අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් කළද, සිද්ධිය පිටුපස ඇති සත්‍යය සහ ප්‍රහාරකයින්ගේ අනන්‍යතාවය තවමත් අභිරහසක්ව පවතී.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි