ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය ඊයේ (11) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූ අතර විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව දෙදෙනා අතර සාකච්ඡව පැවැත්විණි.
කොරෝනා ව්‍යසනයේ නවතම තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ අතර ලෝකයම එකට එක්වී මේ ව්‍යසනය ජයගත යුතු බව දෙපාර්ශවයම අවධාරණය කරනු ලැබීය. විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය ක්ශේත්‍රය නැංවීමට අදාල සෞඛ්‍යමය ආධාරවල අවශ්‍යතාව විපක්ෂ නායකතුමා විසින් පවසනු ලැබීය.
එම අවස්ථාවට කොළඹ නෝර්වීජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හිල්ඩ් බර්ග්-හැන්සන් මහත්මිය ද එක්ව සිටියාය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට