පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
“අපි ශ්‍රී ලංකා“ නමින් සංවිධානයක් ගොඩනගා ගනිමින් අදාළ සාකච්ඡාව අද පස්වරුවේ නාවල කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී පැවති බව වාර්තා විය.
එක්සත් වාමාංශික පෙරමුණ, ලංකා ජනතා පක්ෂය, ප්රගතිශීලි ජාතික සේවක පක්ෂය, ජාතික ජනතා පක්ෂය, ජාතික ජනතා ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ යන දේශපාලන පක්ෂ ඒකාබද්ධව මෙම සංවිධානය ගොඩ නගාගෙන තිබේ.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කඩුවෙල හිටපු නගාරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා,
“මේක යුගයේ අවශ්‍යතාවයක්. අපිට මේ සටන තනි තනිව කරන්න බෑ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවේ ශාඛාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්න ඕනේ. අපිට යන්න තැනක් තියෙන්න ඕනේ.”
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට