ඉරිදා දිවයින පුවත්පත වාර්තා කර තිබූ “පාඨලී, නවීන් සහ අර්ජුන සජිත්ගේ පක්ෂයට යති” යන පුවත ගැන හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
එම පුවත වැරදි සහ නොමග යවන සුළු බවත් එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ඔහු සඳහන් කර තිබේ.
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින්,
“හෙට ඉරිදා දින පළවීමට නියමිත දිවයින පුවත්පතේ ඇති වැරදි සහ නොමග යවන සුළු මේ පුවත දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. මාගේ පියාණන් දිවි පුදන ලද මේ පක්ෂය නැවතත් එහි මුක්‍ය පරමාර්ථ මත ප්‍රතිස්ථාපනය කල යුතුය. කුසලතා මත පදනම් වූ, ප්‍රජාතාන්ත්‍රික, ආර්ථික මුලධර්ම මත පිහිටා ජනතා ආර්ථිකය ශක්තිමත් කළහැකි පක්ෂයක් ලෙස විනා ජනතාව මත පලකරන පරිදි කල්ලිවාදී ප්‍රජාතාන්ත්‍රික නොවන පවුල් පාලනයක් බවට පත් නොකළ යුතුය. මම පක්ෂයේ සැබෑ අරමුණු පදනම් කරගත් ශක්තිමත් ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් ශක්තිමත්ව පෙනී සිටිමි.”

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග