පකිස්තානයේ අද (7) උදෑසන අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ ලාහෝර් සිට කරච්චි බලා පිටත්ව ගිය Sir Syed Express දුම්රිය සහ කරච්චි සිට සර්ගෝදා බලා ගිය Millat Express දුම්රියන් බව බවයි පැවසෙන්නේ.
මෙම අනතුරින් දුම්රිය මැදිරි 13 ත් 14 ත් දක්වා ප්‍රමාණයක් පීලි පැනීමට ලක් වී ඇති අතර හයත් අටත් අතර ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි