පකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවල දැක්වෙන්නේ පුද්ගලයින් 20ක් පමණ ඉන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය.
පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.7ක අගයක් ගෙන ඇති බවද සඳහන් ය.
පකිස්තානයේ බලොචිස්තාන පළාතෙන් එම භූ කම්පනය වාර්තා වී තිබේ.
පකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පුද්ගලයින් අතර කාන්තාවක් සහ දරුවන් 6 දෙනෙකු ද සිටින බවය.
මේ වනවිට පකිස්තානයේ කලාප රැසක විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වෙයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ