පදික වේදිකාවේ සහ වාහන නතර කිරීම තහනම් කර ඇති ස්ථානවල වාහන නතර කරන පුද්ගලයන්ට එරෙහිව හෙට (17) සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා තැබීම හේතුවෙන් විශාල ලෙස මාර්ග අනතුරු සිදුවන බව ඔහු පැවසීය.
මේ අතර “වාහන නවතා තැබීම තහනම්” යනුවෙන් සඳහන් කර ඇති ස්ථානවල වාහන නවතා තැබීම නොකරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම යතුපැදිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා නැබීම සිදුකළ හොත් අදාළ වාහනය රැගෙන යෑමට කටයුතු කරන බවත් ඒ් සඳහා දැරූ පිරිවැය අදාළ වාහන හිමියා විසින් ගෙවිය යුතු බවත් ඒ මහතා පැවසීය.
මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා තබන පුද්ගලයින්ට එරෙහිව මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන මෙන්ම ජාතික මං මාවත් පනතේ ප්‍රතිපාදන අනුව නඩු පැවරීමට සිදුවන බව
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්