පදික වේදිකා මත වාහන නවතා තැබීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් රථ වාහන මූලස්ථානය පවසනවා.
එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොලීසියේ 154 වන සංවත්සරය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් පැවති දානමය කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු කියා සිටියේ, දොඹකර හෝ යම් ආධාරක යොදා ගනිමින් පදික වේදිකාවල නවතා ඇති වාහන ඉවත් කිරීමට සිදුවන අවස්ථාවලදී ඒ සඳහා වැය වන මුදල වාහනයේ හිමිකරු විසින් දැරිය යුතු බවයි.
කෙසේ වෙතත් වාහනයට යම් අලාභහානියක් සිදුවුවහොත් එය ද හිමිකරු විසින් දැරිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව