ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පදියතලාව ප්රාදේශිය සභාවේ අයවැය අද (20) පරාජයට පත් වුණා.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 3 ක් පමණක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 11 ක් ලැබුණා.
සභිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ප්රාදේශීය සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේ එහි සභාපතිවරයා සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කළ මන්ත්රීවරුන් දෙදෙනෙකු පමණයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 9 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්රීවරුන් දෙදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්