පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පිරිනමයි.
ලබන ජූනි පළමුවැනිදා සිට 29 වැනිදා දක්වා ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් හි දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුවක් පසුගිය දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.
ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීම සඳහා සුබපැතුම් පිරිනැමීය.
වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට