මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් පසුගිය 21 වැනිදා මීගමුවේ ඉදිවෙමින් ඇති හෝටලයක සේවය කිරිම සඳහා පැමිණ තිබෙනවා.
අදාළ හෝටලයේ කළමනාකාරිත්වය විසින් ඔවුන්ව PCR පරික්ෂණ සඳහා යොමුකර කරනු ලැබුවා.
එහිදී සිව්දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරිම සඳහා සෞඛ්‍ය බලධාරින් විසින් පෙරේදා රාත්‍රියේ ඔවුන් නැවතී සිටි ස්ථානයට ගොස් තිබෙනවා.
නමුත් ඒ වනවිට එම ආසාදිතයින් සිව්දෙනා ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් පළා ගොස් තිබුණා.
පසුව සෞඛ්‍ය අංශ බලධාරින්, පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම ආසාදිතයින් සොයා ගැනුණා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග