පොළොන්නරු දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දෙකක් අඩියක් බැගින් විවෘත කර තිබෙනවා.
පොළොන්නරුව වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කලේ එක් වාන් දොරටුවකින් තත්පරයට ඝන අඩි 280 ක් පමණ ජලය පිට කෙරෙන බවයි.
මේ වන විට ජලාශයේ ජල මට්ටම අක්කර අඩි එක්ලක්ෂ 10 000 කට ආසන්නව පවතින බවද පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා කියාසිටියා.
මෙලෙස වාන් දොරටු විවෘත කිරීමත් සමග පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීමට හා පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගය ගල්ලැල්ල මනම්පිටිය අතර ජලයෙන් යට වීමටත් ඉඩ ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග