ඊයේ (02) ශ්‍රී ලංකාව සමග කොළඹ ඛෙත්තාරාම පිටියේ පැවති පළමු එක්දින තරඟය අතරතුරදී තුවාල ලැබූ දකුණු අප්‍රිකානු නායක, ටෙම්බා බවුමා ඉදිරි තරඟ දෙකට සහභාගී නොවන බව වාර්තා වෙයි.
ඒ අනුව එම තරඟ දෙක සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස දඟපන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ් නම්කර තිබේ.
ඊයේ පැවති පළමු එක්දින තරඟයේ පන්දුවට පහරදෙමින් සිටින අතර වනිඳු හසරංග මිඩ්විකට් හි සිට කඩුලු යවන්නා වෙත එවූ පන්දුවක් ඔහුගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ වැදීමෙන් තුවාල ලැබීය.
ඉන් පන්දු ඕවර දෙකකට පසුව (දකුණු අප්‍රිකානු ඉනිමී 28 වැනි ඕවරයේදී) ඔහු පිටියෙන් ඉවත්විණි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි