පන්නිපිටිය ප්‍රදේශයේ ජනාකීර්ණ ස්ථානයක බස්රථ අලුත්වැඩියා කිරීමේ කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාමට ලබාදී තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
අදාළ පරිසර ආරක්ෂණ බලපත්‍රය ප්‍රදානය කර තිබුණේ මහරගම නගර සභාව විසිනි.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් මොහොමඩ් ලෆාර් සහ කේ. ඒ. ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම බස්රථ අලුත්වැඩියා කිරීමේ කර්මාන්තශාලාව ජනාකීර්ණ ප්‍රදේශයක පවත්වාගෙන යාම නිසා මහජන සෞඛ්‍යයට හා පරිසරයට දැඩි හානියක් සිදුවන බව පැමිණිලිකරු අධිකරණය හමුවේ චෝදනා කර තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව අභියාචනාධිකරණයේ නිගමනය වූයේ අදාළ බස්රථ අලුත්වැඩියා කිරීමේ කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සඳහා මහරගම නගර සභාවේ සභාපතිවරයා විසින් ජාතික පාරිසරික පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කර ඇති බවය.
ඒ අනුව අදාළ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවද අභියාචනාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්