චීනය එළඹෙන 29වැනි දා පලස්තීන-ඊශ්‍රායල ගැටළුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ උසස් පෙළේ රැස්වීම පවත්වයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා 27 වන දා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ ය. චීනය, ආරක්ෂක මණ්ඩලයේ මෙම මාසයේ වාරික සභාපතීත්වය දරන රට ලෙස එම රැස්වීම පැවැත්වීමට නියමිත ව තිබේ. මේ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික හා විදේශ අමාත්‍ය වං යී මහතා ඇමරිකාවේ New York නුවරට ගොස් එම රැස්වීමේ මුලසුන දරනු ඇත.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා එහිදී පැවසුවේ මෙවර පලස්තීන-ඊශ්‍රායල ගැටුමෙන් සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් මිග ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූ බවයි. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සුරැකීම සඳහා ආරක්ෂක මණ්ඩලය ප්රමුඛ වගකීම් ඉටු කරමින් ප්රශස්ත ප්‍රතිඵල සාක්ෂාත් කර ගත හැකි වෙතැයි චීනයේ අපේක්ෂාව බව ද Wang Wenbin මහතා කියා සිටියේ ය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය