පලස්තීන-ඊශ්‍රායල ගැටළුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ උසස් පෙළේ රැස්වීම චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ආරක්ෂක මණ්ඩලයේ මෙම මාසයේ වාරික සභාපතීත්වය දරන චීනයේ යෝජනාවට අනුව එම රැස්වීම පවත්වනු ලැබීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා එහි මුලසුන දැරීය.
වං යී මහතා එහිදී සඳහන් කළේ ෂී ජින්පිං ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවලදී පලස්තීන-ඊශ්‍රායල ගැටළුව පිළිබඳ චීන ස්ථාවරය විග්රහ කරමින් ගැටුම කඩිනමින් නතර කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇති බවයි. චීනය, ආරක්ෂක මණ්ඩලයේ මෙම මාසයේ වාරික සභාපතීත්වය දරන රට ලෙස පලස්තීන-ඊශ්‍රායල ගැටළුව අතිශය හදිසි තේමාව ලෙස සලකයි.
තාවකාලික සටන් විරාමය, පූර්ණකාලීන සටන් විරාමය සඳහා වන ආරම්භයක් මිස, නව සටනක් දියත් කිරීමට පෙර විවේකයක් නොවන බව චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි. ගාසා තීරයේ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා විවිධ පාර්ශ්වයන් උපරිමයෙන් උත්සාහ කළ යුතු ය. ජාත්‍යන්තර හා කලාපීය රාජ්‍ය තාන්ත්‍රික වෑයම් තහවුරු කරමින් ‘ද්වී-රාජ්‍ය විසඳුම’ පණ ගැන්විය යුතු ය. පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජික රටක් බවට පත් කිරීමට චීනය සහාය දක්වන බව ද චීන විදේශ අමාත්‍යවරයා පැවසීය.
චීනය මෙම රැස්වීම පැවැත්වීමට යෝජනා කිරීම ඊට එක්ව සිටින විවිධ පාර්ශ්වයන්ගේ පැසසුමට ලක්ව ඇත. සදාකාලික සටන් විරාමය ඉටු කරන තුරු තාවකාලික සටන් විරාම කාලය දීර්ඝ කිරීමට ඔවුන් පොදුවේ සහාය දක්වා ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය