පලස්තීන ඊශ්‍රායල ගැටුමට අදාල තීරණ යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අපොහොසත් වෙයි.
ඊයේ(16) රාත්‍රී පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ප්‍රමාණවත් ඡන්ද නොලැබිණ.
දිගුකාලීන, පූර්ණ ගරුත්වය පිළිබිඹු කෙරෙන මානුෂවාදී යුද විරාමයක් ක්‍රියාත්මක කිරීම, සිවිල් වැසියන්ට එරෙහි සියළු ප්‍රචණ්ඩත්වය, එදිරිවාදිකම් හා ත්‍රස්තවාදය දැඩි ලෙස හෙලා දැකීම, සියළු ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිත ලෙස නිදහස් කිරීමට පියවර ගැනීම, ආහාර, ඉන්ධන හා වෛද්‍ය ඇතුළු මානුෂවාදී සේවා බාධාවකින් තොරව සැපයීම හා බෙදා හැරීමට සහාය වීම, සිවිල් වැසියන් ඉවත් කිරීම පිළිබඳ කොන්දේසි ඉදිරිපත් කිරීම, රුසියාව ඉදිරිපත් කළ එම තීරණ යෝජනාවේ අන්තර්ගතය විය. ඊට අදාළ ඡන්ද විමසීමේ දී ඇමරිකාව,ප්‍රංශය, බ්‍රිතාන්‍යය හා ජපානය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්