පලස්තීනය හා ඊශ්‍රායලය අතර පසුගිය 7 වනදා සිට නව වටයේ ගැටුම් මතුව තිබේ. ඊශ්‍රායලයේ හා පලස්තීනයේ වෛද්‍ය ආයතන පළ කළ නව සංඛ්‍යාලේඛනයට අනුව මේ වනවිට එම ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 1600කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. ඒ අතරින් Gaza ප්‍රදේශයේ හා Jordan ගංගාවේ බටහිර ඉවුරේ පලස්තීන ජාතිකයන් 704 දෙනෙක් මිය ගොස් ඇති අතර 4000ක් පමණ පිරිසක් තුවාල ලබා සිටිති.
පලස්තීන Hamas සංවිධානය ඊයේ(9) අඛණ්ඩව ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කළේය. ඊශ්‍රායලය Gaza ප්‍රදේශය වෙත ගුවන් ප්‍රහාර ඇතුළු හමුදා ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරමින් Gaza ප්‍රදේශයට ආසන්න දේශ සීමා ප්‍රදේශයේ සියළු නගර අත්පත් කර ගැනීම හා සම්පූර්ණයෙන්ම Gaza ප්‍රදේශය අවහිර කිරීමට පියවර ගනිමින් සිටිති.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි