ඇමරිකාව ඉදිරිපත් කළ පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ තීරණ පිළිබඳ කෙටුම්පත රුසියාව හා චීනය ඊයේ(25) නිෂේධ කළහ. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ චීනයේ ස්ථාවරයට සත්‍යය හා යුක්තිය පදනම් වන බවයි. එමෙන්ම එය ජගත් ප්‍රජාව විශේෂයෙන්ම අරාබි රටවල ඉල්ලීම්වලට ද ගැළපෙන බවයි. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා එම ඡන්ද විමසීමෙන් පසු චීනයේ ස්ථාවරය පූර්ණ ලෙස පැහැදිලි කර තිබේ. පලස්තීන ප්‍රශ්නයේදී චීනයට කිසිදු ප්‍රතිලාභයක් නොමැත. සාමය ස්ථාපිත කිරීම උදෙසා චීනය දැඩිව අනුබල දෙන අතර පලස්තීන-ඊශ්‍රායල සංහිඳියාව ඇති කිරීමට චීනය හැකි අයුරින් උත්සාහ දරනු ඇත. ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් හා ජගත් ප්‍රජාව සමග පලස්තීන ප්‍රශ්නය සාධාරණ සහ පූර්ණ ලෙස විසඳීමට වගකීම් සහගත මෙන්ම නිවැරදි දායකත්වයක් සැපයීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.
පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරයට පදනම් වන්නේ සත්‍යය හා යුක්තියයි

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි