පලස්තීන හමාස් සංවිධානය ඊයේ (24) ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි ඊශ්‍රායල කාන්තාවන් සහ ළමුන් 13 දෙනෙක් නිදහස් කළේය. ඊශ්‍රායල ජාතික ආරක්ෂක සේවය එම කණ්ඩායම භාරගෙන ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, පලස්තීන මාධ්‍ය වාර්තාවලට අනුව, ප්‍රාණ ඇපකරුවන් ලෙස සිරගතව සිටි පලස්තීනුවන් 39 දෙනෙකු ඊශ්‍රායලය එදිනම රාත්‍රියේ නිදහස් කර තිබේ. එම පුද්ගලයින් 39 දෙනා අතර කාන්තාවන් 24 දෙනෙකු සහ බාලවයස්කරුවන් 15 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් වැඩි පිරිස ජෝර්දාන් ගඟේ බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම් ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් බව වාර්තා වේ.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්