ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන මහනුරව පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේ සේවය කරන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. මෙම සේවකයා තාවකාලික පදනමින් සේවයට බඳවා ගත් පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
ඊයේ පස්වරුවේ සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ. ඔහු සමීපව කටයුතු කළ තවත් සේවකයන් 10 දෙනෙකු වහාම නිරෝධායනයට යොමුකර තිබෙනවා.
මෙම තත්වය දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයට කිසිදු බාධාවක් එල්ල නොකරන බවත්, ක්‍රීඩාංගනයේ සේවකයන් සහ ක්‍රීඩකයන් අතර කිසිදු සබඳතාවයක් නොමැති බවත් බලගොල්ල පොලීසිය පවසනවා.
කොවිඩ් අවදානම හේතුවෙන් ටෙස්ට් තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන අතර ක්‍රීඩාංගනයේ කටයුතු සඳහා අවම සේවකයන් සංඛ්‍යාවක් යොදවා සිටී.
- Lanka News Web
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ