සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අද (11) රැස්වූ සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට තිබේ.
එම රැස්වීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විණි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ඇමතිවරිය වගකීම් විරහිතව කටයුතු කිරීම පදනම් කොටගෙන මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතය.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ඇමතිවරිය ලෙස covid-19 සම්බන්ධයෙන් පසුගිය කාලවකවානුව පුරා කළ ඇතැම් ප්‍රකාශ මෙන්ම ගත් ක්‍රියාමාර්ග බොහෝ පාර්ශ්වයන්ගේ විවේචනයට මෙන් ම හාස්‍යයට ලක් වීම දක්නට ලැබුණි.
මේ වනවිටඑම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් අඩකට ආසන්න පිරිසක් අස්සන් තබා ඇති බව වාර්තා වේ.
කොළඹින් පිට සිටින මන්ත්‍රීවරුන් හෙට (12) දිනයේදී ඊට අස්සන් තැබීමට නියමිතය.
ඉන්පසු එය කතානායකවරයා වෙත බාරදීමට නියමිතය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ