පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ අනුව සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු ,නැවක කපිතාන්වරයකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.
සිදුකරන විමර්ශන අනුව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
අත්අඩංගුවට පත් පුද්ගලයින් ගෙන් 20 දෙනෙකු අදාළ දැරිය ලිංගික කටයුතු සඳහා අපයෝජනය කළ පුද්ගලයින් වන අතර අනෙක් 6 දෙනා අදාළ දැරියව ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම සැකකරුවන් අතර අදාළ දැරියගේ මව සහ මෙම දැරිය අන්තර්ජාලයේ අලෙවි කිරිම සඳහා වන දැන්වීම සකස් කළ පුද්ගලයා සිටී.
ඊයේ රාත්‍රියේ ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය ජුනි 7වන දින ගල්කිස්ස ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ අතර දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී තවත් පුද්ගලයින් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණයවෙමින් පවතින බවද පැවසෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්