චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයට අනුව, පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 31.9ක් පමණ විය. එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 5.4% කින් වර්ධනය වී ඇති අතර, පසුගිය වසරේ හතරවන කාර්තුව හා සසඳන විට 1.2% ක වැඩි වීමකි.
සමස්තයක් වශයෙන් විමසා බැලීමේදී, විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ඵලදායි ලෙස ක්‍රියාත්මක වීමත් සමග, පළමු කාර්තුවේදී චීන ජාතික ආර්ථිකයට නිශ්චිතභාවයක් සහ යහපත් ආරම්භයක් ලැබී ඇති බව පැහැදිලි ය. එමෙන්ම චීන ජාතික ආර්ථිකය යහපත් වීමේ ප්‍රවණතාව අඛණ්ඩ ව දැක ගත හැකි ය. නවෝත්පාදනයන්හි මූලිකත්වය හා කාර්යභාරය වැදගත් වෙමින් පවතින අතර, නව විභව ශක්තිය සඳහා සංවර්ධන කටයුතු ද වේගවත් වෙමින් පවතී.
More Stories
චීනය හා මැලේසියාව නවීකරණ මාවතේ එක්ව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි–චීන ජනපති
සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට අවධාරණය කරයි
චීනය හා වියට්නාමය එක්ව හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමට කැපවීමෙන් කටයුතු කළ යුතු බව චීන ජනපති කියයි