එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වනදා උදෑසන අටට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළා.
පළමු ඡන්ද ප්‍රතිපලය නිකුත් කිරීම සවස 4 ට පමණ සිදුකිරීමට හැකි අතර අවසන් ඡන්ද ප්‍රතිපලය අගෝස්තු මස 6 වනදා රාත්‍රි 8 ට ප්‍රකාශයට පත්කරන බවයි මහින්ද දේශප්‍රිය මහතා එම හමුවේ දී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
ඇතැම් විට මධ්‍යම රාත්‍රිය දක්වා ප්‍රතිපල නිකුත් කිරීමට සිදුවනු ඇතැයි ද මැතිවරණ කොමසාරිස්වරයා එහිදී සඳහන් කර සිටියා.
සෞඛ්‍ය උපදෙස් අනුව ගණනය කිරීමේ කටයුතු සිදුවන බැවින් ඒ සඳහා යම්කිසි කාලයක් ගත වන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පෙන්වා දුන්නා.
ඡන්දය පැවැත්වෙන දිනයේ දී එක්කෝටි විසි ලක්ෂයක් පැය නවයක් ඇතුලත නිවසින් බැහැර වන බැවින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙසයි මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
නිල ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම ලබන ජූලි මස 11, 12 සහ 13 යන දිනවලදී සිදුකෙරෙන අතර බෙදා හැරීමේ කටයුතු ජූලි මස 29 වනදා වන විට අවසන් කිරීමට නියමිත බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙම හමුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.
නව වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන අගෝස්තු මස 5 වනදා පැවැත්වෙනු ඇති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්