පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරඟය ජයගැනීමට සත්කාරක ඕමාන කණ්ඩායම අද (17) සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනු ඕමාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබුණි.
ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 13යි පන්දු 4ක් තුළ ලකුණු 131ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.
මේ අතර සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය හෙට (18) නැමීබියාව සමඟ පැවැත්වෙයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි