ප්‍රථම වරට ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ සුපිරි හොළිවුඩ් නළු ශ්‍රීමත් ශෝන් කොනරි අභාවප්‍රාප්ත විය.
සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළුවා ලෙස ඔහු රංගනයෙන් දායක වූ අවස්ථා ගණන 7කි.
ශ්‍රීමත් ශෝන් කොනරිගේ රංගන දිවිය දශක ගණනාවක් පුරා දිවෙන අතර ඔහු ඔස්කාර් සම්මානයකින්, බැෆ්ටා සම්මාන දෙකකින් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකින් පිදුම් ලැබීය.
ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ශෝන් කොනරි බහමාස් හිදී මියගිය බව පවුලේ සාමාජිකයින් පැවසීය.
ඔහු කලක සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව ද සඳහන් විය.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 90කි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි