ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් මුම්බායි ඉන්දියන් කණ්ඩායමට එරෙහිව චෙන්නාහි චිදම්බරන් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 2ක ජයක් ලැබීමට බැංගලෝර් කණ්ඩායම අද ( 9 වැනිදා ) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 160 ඉලක්කය හඹාගිය විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී සිය කඩයිම පසුකර ගියහ.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ කඩුලු රකින ක්‍රීඩක ඒබී. ඩී විලියස් පන්දු 27කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 48ක් රැස් කිරීමට සමත් වූයේ සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යමිනි.
ග්ලේන් මැක්ස්වෙල් පනන්දු 28කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 33ක් රැස් කරද්දී, නායක විරාට් කෝලි සිය ඉනිම අරඹමින් පන්දු 29කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 33ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බෘම්රා ලකුණු 26කට කඩුලු 2ක් සහ මාර්කෝ ජැන්සන් ලකුණු 28කට කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වූහ.
කාසිය වාසිය ජයග්‍රහණය කළ විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කරසිටි අතර ඒ් අනුව මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවීරැස්කර ගතහැකි වූයේ ලකුණු 159ක් පමණි.
මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ක්‍රිස් ලින් පන්දු 35කදී හයේ පහර 3ක් මහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 49ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී හර්ෂල් පටෙල් ලකුණු 27ට කඩුලු 5ක් බිද හෙලීමට සමත් විය.
- Ceylon Cricket
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්