ශ්රී ලංකා – දකුණු අප්රිකා පළමු ටෙස්ට් තරගය ඊයේ දකුණු අප්රිකාවේ සෙන්චූරියන්හිදී ආරම්භ වුණා.
ටෙස්ට් ක්රිකට් පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
පළමු ඉනිම ආරම්භ කළ ශ්රී ලංකා ඉනිමේ මුල් කඩුලු තුන ලකුණු 54ක් තුළ බිඳ වැටුණා.
බිඳවැටෙමින් තිබු ශ්රී ලංකා ඉනිමට ඉහළට එසවීමට උර දුන් ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් සිව්වැනි කඩුල්ලට ලකුණු 131ක් රැස් කළා.
කෙසේ වෙතත් ලකුණු 79ක් ලබා සිටි ධනංජයගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.
19 වැනි ටෙස්ට් අර්ධශතකය වාර්තාකළ දිනේෂ් චන්දිමාල් ලකුණු 85 ක් රැස්කළා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 49යි.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකාව කඩුළු 06ක් දැවී ලකුණු 340ක්.
එමෙන්ම පන්දු යැවීමේදී වියාන් මුල්ඩර් ලකුණු 68කට කඩුලු 3ක් බිඳ හෙළුවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග