මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු නිල පුහුණු තරගයෙන් ඔවුන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක ජයක් වාර්තා කළා.
බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී සෞම්‍ය සාකාර් ලකුණු 34ක් ,ලිටොන් දාස් ලකුණු 16 ක් සහ මහෙදි හසාන් නොදැවී ලකුණු 16 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග හා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහනය වාර්තා කිරීමට සමත් වුණා
. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 62 ක් හා චාමික කරුණාරත්න ලකුණු 29 ක් ලබා ගත්තා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි