ඊයේ දිනය තුළදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඒ 197 ක්. මෙය ඌව පළාතෙන් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ පළමු අවස්ථාව ද වෙනවා.
ඊට අමතරව කොළඹින් 116 ක්, ගම්පහින් 101 ක් සහ තවත් ආසාදිතයින් 312 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වී තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කළේ ඊයේ (06) දිනය තුල මෙරටින් කොරේනා ආසාදිතයන් 726 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ