පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් ද පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා පැවසුවා.
මෙමගින් කිසිසේත් මව්බසින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි නොවන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා. මෙම වැඩපිළිවෙල සඳහා ඇති හැකියාව සොයා බැලීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයට පත් කළ කමිටුවට අධ්‍යාපන විශේෂඥයන් ඇතුලත් බව සඳහන්.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළමු ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලබාදීමේ නීතිමය තත්වය මෙන්ම විෂය මාලාව කුමන ආකාරයෙන් විය යුතු ද යන්න අදාළ කමිටුව විසින් සොයා බලනු ඇති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති