එළඹෙන බදාදා දිනයේ සිට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් ධාවනය ආරම්භ කර බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
මහනුවර ගඟවට කෝරලයේ එන්නත්කරණ වැඩසටහනක ට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා අද (12) මේ බව සඳහන් කර ඇත.
මේ අතර දුම්රිය ධාවනය ද ඊට සමගාමිව සිදුකිරීමට නියමිත බව රාජ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,
“බදාදා සිට නැවතත් සීමා සහිත ධාවනය ආරම්භ කරනවා. උදාහරණයක ට වැඩට යන කෝච්චි ටික සහ හවසට ආපහු ඒ අය නිවෙස්වලට යන කෝච්චි ටික. ඒ වගේම පළාත් අතර රාජ්‍ය සේවකයින් සහ අත්‍යවශ්‍ය පෞද්ගලික සේවකයින්ට කියපු නීති රීතිම අනුගමනය කරන්න ඕනේ. තමන්ගේ රාජකාරි හැඳුනුම්පත තිබිය යුතුයි බස් රථයට දුම්රියට ගොඩවෙන්න. පෞද්ගලික රාජකාරි නම් ඒ හැඳුනුම්පත් තිබිය යුතුයි. ඒ දවසට අදාළ ලියකියවිලි ළඟ තිබිය යුතුයි. මේ අයට ගමන් කිරීමට බදාදා සිට අපි යම් දුම්රිය හා බස්රථ ප්‍රමාණයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.“
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්