බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි