පළාත් සභා මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාව පළ වූ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ අවස්ථාවේ දී මෙම එකඟතාව පළ වී ඇත.
පාර්ලිමේන්තුමන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා ස්ථිර කළේය.
මෙම රැස්වීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමැතිවරුන් ද සහභාගි වී ඇති බව වාර්තා වේ
කොළඹ වරාය නගර විශේෂ කමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කිසිවක් සාකච්ඡා නොවූ බවද වාර්තා වේ.
- Lankadeepa
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්