පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව තම කොමිසමේ ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කලා.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදීයි මේ බව සඳහන් කළේ.
මාධ්‍ය ආයතන ප්රවෘත්ති ප්‍රධානීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර මෙම හමුව පැවති අතර නව කොමිසම පත්වීමෙන් අනතුරුව මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වු පළමු අවස්ථාව ද මෙය වනවා.
පළාත් සභා දැනටමත් ක්‍රියාත්මක කෙරෙන අතර එය ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදුකරන බවයි සභාපතිවරයා කියා සිටියේ.
මේ අතර අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වූවන්ට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබාදීම පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන් සෞඛ්‍ය සේවාවන්හි නිරත වූවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම් වලට මෙලෙස පුර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීමට පියවර ගනිමින් සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා එහි දී සදහන් කලේ.
ඒ සඳහා මැතිවරණ නීතිය වෙනස් කිරීමේ සංශෝධන ගෙන එන බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සළකා බලනු ලබන්නේ කොරෝනා වසංගත තත්වය පාලනය කර යහපත් වාතාරවණයක් ඇති වීමෙන් අනතුරුව බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්