පළාත් සභා අහෝසි කළයුතු බවට තමා කිසිවිටෙකත් ප්‍රකාශ කර නොමැති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
අද (18) කොළඹදී පැවති අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණ සමුළුව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පළාත් සභා අහෝසි කළයුතු බවට තමන් ප්‍රකාශ කළේ යැයි පසුගිය දින කිහිපයේදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වු කරුණක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව මත බලෙන් පැටවූ පළාත් සභා ක්‍රමයට තමන් එදා සිටි විරුද්ධ බවයි සරත් වීරසේකර මහතා පවසන්නේ. පසුගියදා මාධ්‍යවේදීන් තමන්ගෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදී තමන් ප්‍රකාශ කළේ තවදුරටත් එම ස්ථාවරයේම සිටින බව යැයි පවසන වීරසේකර මහතා පෙන්වා දෙන්නේ එම අවස්ථාවේදී පළාත් සභා අහෝසි කිරීමක් පිළිබඳව තමන් සඳහන් නොකළ බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්