නවතා දමා ඇති පළාත් සභාමැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කැබිනට් යෝජනාව (14) දින පැවැත්වෙන කැබිනට් හමුවට ඉදිරිපත් කරන බව පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ලේ දී පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ (13) දින දඹුල්ලේ පැවති පොදුජන පෙරමුණ කාන්තා බලමණ්ඩලය අමතමිනි.
එසේම වසර තුනක කාලේ කාලයක් නොපැවත්වූ පළාත් සභා මැතිවරණය ඉතාම ඉක්මනින් පැවැත්වීමට කටයුතු සුදානම් කරන බවත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉතාම ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උපදෙස් ලබාදී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්