පළාත් සභා සක්‍රීයව තිබුණේ නම් එම පළාත් සභාවල සිටින සෞඛ්‍ය ඇමතිවරුන් හරහා කොවිඩ් 19 වසංගත තත්ත්වය මීට වඩා සමනය කිරීමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.
සෞඛ්‍ය අංශයට අයත් රෝහල් ඇතුළු ඊට සම්බන්ධ ආයතන බහුතරයක් තිබෙන්නේ පළාත් සභා යටතේ බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා පළාත් සභා ක්‍රමය සක්‍රීය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව ද අවධාරණය කරයි.
මේ වන විට පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නිලධාරීන් අතින් බැවින් විසුරුවන ලද පළාත් සභාවල සිටී මන්ත්‍රීවරුන් නැවත සක්‍රිය කිරීමට යෝජනාවක් කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එහෙත් පොදුජන පෙරමුණේ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අංශවල ප්‍රධානීන් පවසන්නේ පළාත් සභා නොමැති හෙයින් මධ්‍යම රජය හරහා පළාත් සභාවලට අයත් රෝහල් ඇතුළු සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කිරීමට හැකි වීම මත කොවිඩ් වසංගතය මර්දනය සම්බන්ධයෙන් සැලකිය යුතු සාර්ථකත්වයක් ලැබූ බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවසන්වීමෙන් පසු මාධ්‍ය අමතමින් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබිණි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්