ප්‍රංශ අග්‍රාමාත්‍ය Élisabeth Borne මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (8) එරට ජනාධිපති Emmanuel Macron මහතා වෙත භාරදී ඇති බව ප්‍රංශ ජනාධිපති මන්දිරය නිවේදනය කළේය.
2022 වසරේ මැයි මස ප්‍රංශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස Élisabeth Borne මහත්මිය තේරී පත් විය. ප්‍රංශයේ මාධ්‍ය වාර්තාවට අනුව, නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කිරීමට පෙර, වත්මන් අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීම ප්‍රංශයේ දේශපාලන සම්ප්රදායක් වේ.
පසුගිය වසරේ විශ්‍රාමික පද්ධතිය ප්‍රතිසංස්කරණය හා නව සංක්‍රමිකයන් පිළිබඳ නීති අනුමත කිරීමත් සමඟ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතාට නව වසරේ නව ආණ්ඩුවක් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය වන බව විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය