අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදෑසන ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසල උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත්තේ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමිනි.
ගාල්ලේ විදුහල් තුනක උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල ගුරුවරු එකසිය පනහකට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
මෙහිදී ගුරුවරු ප්‍රකාශ කර සිටියේ තමන්ට උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට ඒමට ඉන්ධන නොමැති බැවින් මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පමාවී අධ්‍යාපනයද අවුල් ජාලයක් වනු ඇති බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති