හෙට දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොළ, ඇල්පිටිය යන ප්‍රදේශවලට පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර එම කාලය තුළ හික්කඩුව ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් මෙනවා
බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවී තිබෙන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති