ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.
ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව දුරස්ථව වැඩ කිරීම අනිවාර්යය කර ඇති අතර මහජන රැස්වීම් සඳහා ද සීමාවන් පැනවීමට පියවර ගෙන තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේ ප්‍රංශයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය අතර එය එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව විය.
කෙසේ වෙතත් රට තුළ ඇදිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්