ප්‍රංශ ජනාධිපතිටත් කොවිඩ් ආසාදනය වෙයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ට රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසු කොවිඩ් -19 සඳහා පරීක්ෂාවක් කර ඇති අතර එහිදී ඔහු ආසාදිත බව තහවුරු වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

“ජනරජයේ ජනාධිපතිවරයා අද කෝවිඩ් -19 සඳහා ධනාත්මක බව හඳුනාගෙන තිබේ,”ලෙස එලිසි මාලිගයේ ප්‍රකාශයකින් දන්වා තිබුණා.

“පළමු රෝග ලක්ෂණ ආරම්භයේදීම” පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව එහි සඳහන්.

එරට සැමට අදාළ වන වර්තමාන සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව, ජනරජයේ ජනාධිපතිවරයා දින 7 ක් හුදෙකලා කර තිබෙනවා. ඔහු දුරස්ථව සිය කටයුතු කරගෙන දිගටම කරනු ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් ද ස්වයං හුදෙකලා වනු ඇතැයි කාර්යාලය පවසයි.

ධනාත්මක පරීක්ෂණයට පෙර දිනවල ජනපති මැක්‍රොන්ට කාර්යබහුල සතියක් තිබුණි. බදාදා ඔහු දිවා ආහාරය සඳහා පෘතුගාලයේ අගමැති ඇන්ටෝනියෝ කොස්ටා හමුවූ අතර කැබිනට් රැස්වීමකට සහභාගි විය.

අඟහරුවාදා මැක්‍රොන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සභාපති පීටර් මොරර් ඇතුළු විවිධ පුද්ගලයින් හමුවිය.

ප්‍රංශයේ බදාදා නව රෝගීන් 17,615 ක් සහ මරණ 289 ක් වාර්තා වී ඇති අතර, කොරෝනා වයිරස් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ආසාදන මිලියන 2.4 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 59,361 ක් වාර්තා වී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com