ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන් අපගේ සටන නැවැත්විය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කරනු ලැබූ කොමිසමේ සාමාජිකයින් දිහා බැලුවම ඔවුන්ගේ අරමුණ කුමක්දැයි හිතාගැනීමට පුළුවන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඉතිහාසයේ සිදු වූ සිදුවීම්වලට අනුව දේශපාලන පළිගැනීමේ කොමිසමක් පිහිටුවනවා නම් එය වලංගු වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතාට බව අනුර දිසානායක මහතා පෙන්වාදුන්නේය.
රජා අයිතිය පමණක් නොව පක්ෂයද තහනම් කර තිබුණු පසුබිමකත් දීර්ඝ කාලයක් දේශපාලනය කළ ව්‍යාපාරයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය යනු එක් අරගල ස්ථානයක් පමණක් වන බවත් එවැනි අරගල ස්ථාන රාශියක් තම පාර්ශවයට පවතින බවත් මෙහිදී දිසානායක මහතා කියාසිටින ලදී.
කෙසේවෙතත් අනීතික, අවිචාර, උන්මත්තක දඬුවමකට යටත් නොවන බවද ඔහු කියා සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්